Thursday, January 15, 2026
Follow Us
විදුලි බිල ස්මාට් වෙයි

විදුලි බිල්පත් එස්.එම්.එස්. මාර්ගයෙන් හෝ ඊමේල් මාර්ගයෙන් විදුලි පාරිභෝගිකයාට යොමු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට විදුලි බල අමාත්‍යාංශය සූදානම් වෙයි.

දැනට මනු කියවන්නන් විසින් විදුලි බිල්පත් පිළිබඳ තොරතුරු නිවසට පැමිණ ලබා දෙයි. නව තාක්ෂණය භාවිත කරමින් සවි කරන ‘‘ස්මාට් මීටර’’ ක්‍රමය තුළින් කාර්යාලයේ සිට විදුලි බිල්පත සකස් කිරීමේ හැකියාවක් පවතින බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කරයි.

මෙම වැඩපිළිවෙළ මගින් මනු කියවන්නන්ගේ රැකියා අහිමි වීමක් සිදුනොවන බවද ඔහු අවධාරණය කරයි.

ලබන වසරේ සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටද අමාත්‍යාංශය අවධානය යොමු කර ඇත.

(Aruna)