Friday, November 14, 2025
Follow Us
‘ නාමල් උයන ජාතික උරුමක් ලෙස නම් විය යුතු භූමියක් -රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක

‘ නාමල් උයන ජාතික උරුමක් ලෙස නම් විය යුතු භූමියක් බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේය.

ජාතික නාමල් උයන නිර්මාතෘ, වනවාසී රාහුල හිමියන්ගේ විශේෂ ආරාධනාවක් පරිදි ජාතික උරුම ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා නාමල් උයන වෙත පැමිණි අතර ඒහිදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
මෙම ස්ථානයේ ඇති ඓතිහාසික,ජෛව විවිධාත්මක සහ භූගෝලීය වශයෙන් කැපී පෙනෙන සුවිශේෂී ලක්‍ෂණ හේතුවෙන් ජාතික උරුමයක් ලෙස නම් විය යුතු භූමියක් බව රාජ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ ය.
ජාතික නාමල් උයන, එළඹෙන 2021 වර්ෂයේ දී ජාතික උරුමයක් ලෙස නම් කිරීමට අදාළ අනුමැතිය ලබා ගැනීම සඳහා “ජාතික උරුම කමිටුව” වෙත යොමු කරන බවද රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.
දශක තුනක් පුරාවට මේ සුවිශේෂී භූමිය ආරක්ෂා කොට සංරක්ෂණය කිරීමත්,සියලු දෙනා සමඟ සහයෝගයෙන් සහ ආදර්ශවත් ලෙස කටයුතු කිරීම පිළිබඳවත් රාහුල හිමියන් වෙත සිය ප්‍රණාමය පුද කිරීමට අමාත්‍යවරයා අමතක නොකළේ ය.
පැවැති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මෙම සුවිශේෂී භූමිය නිරීක්ෂණය කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා හිමියන් වෙත සිය කණගාටුව පළ කළේ ය.

(news.lk)