Friday, November 14, 2025
Follow Us
නැගෙනහිර ජැටිය දෙන්න දෙන්නේම නෑ : ආයෝජකයන් ඕන නම් දකුණු ජැටියට ගන්න - දයාසිරි

කොළඹ වරායේ නැගෙනහිර පර්‍යන්තය ඉන්දීය අදානි සමාගමට පැවරීමේ සූදානම සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ අර්බුදයක් මතුව තිබේ.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව අභ්‍යන්තරයේ පාර්ශ්ව කිහිපයක් මේ පැවරීම සම්බන්ධව විරෝධයක පසුවෙන නිසාය.

මේ බව තවත් තහවුරු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යළිත් අවධාරණය කර ඇත්තේ නැගෙනහිර පර්යන්තය විදේශ රටකට හෝ ආයෝජකයෙකුට ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන් විරුද්ධ බවය.

විදේශයනට හෝ ආයෝජකයෙකුට අවශ්‍ය නම් දකුණු පර්යන්තය සමඟ කටයුතු කළ හැකි බවත් වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සමග මීට විරුද්ධව කළ හැකි සියලු දේ කරන බවද ඔහු සඳහන් කර ඇත.

තවදුරටත් මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ සාකච්ඡා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

(newstube)