Friday, November 14, 2025
Follow Us
සීනි ජාවාරමේ මහ මොලකරුට ඇමති බන්දුලගෙන් පා පහර

පසුගිය දිනවල සීනි ආනයනයකරුවන්ට කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 55ක බදු සහනයක් දෙමින් රුපියල් කෝටි 1000කට ආසන්න මුදලක් රජයට අහිමි කළ මෙහෙයුමේ මහ මොළකරු ලෙස චෝදනාවට පාත්‍ර වූ රජයට අයත් සතොස ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි එම දූරයෙන් ඉවත් කිරීමට වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් ක්‍රියා කර ඇති බව වාර්තා වේ.

අමාත්‍යයවරයාගේ තීරණයට ජනාධිපති තුමාගේ එකඟතාවයද ලබා ඇති බව වාර්තාවේ. ඒ අතර පසුගිය දිනවල මෙම බදු වංචාවේ සුල මුල එලිදරව් කරමින් පාර්ලිමේන්තුවේදි කථාකල අනුර දිසානායක මන්ත්‍රීවරයා එම බදු වංචාව පිළිබඳ පරීක්ෂණයක් කොට දූෂිතයින්ට දඬුවම් කරන ලෙසද ඉල්ලා සිටියේය.

(Lanka LEads)