මේ වසරේ (2020) ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා බුලත් මෙට්‍රික් ටොන් 3739 ක් අපනයනය කර ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන්කරයි.
ඉන් ලබා ඇති විදේශ විනිමය රුපියල් මිලියන 2792 ක් බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
ඉකුත් වසරේදී (2019) බුලත් මෙට්‍රික් ටොන් 4677 ක් අපනයනය කර ඇති අතර,එම වසරේ ලබා ඇති විදේශ විනිමය රුපියල් මිලියන 3406 කි.
මෙරට බුලත් නිෂ්පාදනයෙන් සියයට 95 ක්ම අපනයනය කෙරෙන්නේ පාකිස්තානයට බවත්, ඊට අමතරව මැදපෙරදිග රටවල්, ජපානය, එක්සත් රාජධානිය ආදී රටවල්වලටද අපනයනය කෙරෙන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතුරු වගා හා බුලත් පර් යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය ආනන්ද සුභසිංහ පැවසුවේය.
මෙලෙස බුලත් වැඩි වශයෙන් අපනයනය කෙරෙන්නේ බුලත් විට සඳහා බවත්,මේ දිනවල අපනයන වෙළෙඳපොළේ බුලත් කොළයක මිල රුපියල් 5 ක් වන බවත් ආචාර්ය සුභසිංහ කීවේය.
ඇතැම් කාලවලදී අපනයන වෙළෙදපොළේ බුලත් කොළයක මිල රුපියල් 12 ක්,15 ක් පමණ දක්වා ඉහළ යන බවත් ඔහු පැවසුවේය.
(Aruna)