Friday, November 14, 2025
Follow Us
චීන, රුසියා එන්නත් ගෙන්වීම රාජ්‍ය අංශයෙන්. ෆයිසර්, මොඩර්නා, ඇස්ට්‍රසෙනිකා පෞද්ගලික අංශයෙන් - චන්න

කොවිඩ් - 19 ප්‍රතිශක්තිකරණ එන්නත් මෙරටට ගෙන්වීම ක්‍රමවේද දෙකක් යටතේ සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

"ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි පෞද්ගලික සමාගම් - ෆයිසර් සමාගම, මොඩර්නා ආයතනය සහ ඇස්ට්‍රසෙනිකා ආයතනය - නිෂ්පාදන කරන එන්නත් පෞද්ගලික සමාගම් වශයෙන් නිෂ්පාදනය කරන නිසා ඔවුන්ගේ මේ රටේ ඉන්න නියෝජිතයා හරහා ඒ එන්නත් ලබාගන්න සිද්ධ වෙනවා.

රුසියානු සහ චීන එන්නත් සෘජුවම ඒ රටවල්වල රජයන්ට සම්බන්ධ ආයතන මගින් නිෂ්පාදනය කරන නිසා අපේ රාජ්‍ය ආයතන වෙත ලබාගැනීමේ හැකියාව පිළිබඳ අපි සාකච්ඡා කරනවා. මේ වෙනකොටත් අපි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව රුසියානු එන්නත සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිතයා හැටියට නම් කරලා යවලා තියෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය චන්න ජයසුමන මහතා මේ බව පැවසුවේ ඊයේ (23) රත්මලාන ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)