Monday, May 06, 2024
Follow Us
පරිසර අමාත්‍යාංශය සඳහා වූ තිරසර සංවර්ධන අභිමතාර්ථ ප්‍රවාහගත කිරීමේ සහ දත්ත ධාරිතාව වර්ධනය කිරීමේ  වැඩමුළුව

තිරසර සංවර්ධන සභාව විසින් පරිසර අමාත්‍යාංශය උදෙසා තිරසර සංවර්ධන අභිමතාර්ථ ප්‍රවාහගත කිරීමේ සහ දත්ත ධාරිතාව වර්ධනය කිරීමේ වැඩමුළුවක්, දෙසැම්බර් මස විසි තුන් වන දින පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා එක්ව සංවිධානය කරන ලදී. 2017 අංක 19 දරණ ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත ප්‍රකාරව, අමාත්‍යාංශවලට සහ අනෙකුත් රාජ්‍ය ආයතනවලට තිරසර සංවර්ධනයට අදාළ මාර්ගෝපදේශ ලබා දීමට තිරසර සංවර්ධන සභාව බැඳී සිටියි.


‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ, පරිසර අමාත්‍යාංශයට සහ එහි විෂය පථයට අයත් ආයතන සඳහා තිරසර සංවර්ධන අභිමතාර්ථ 07 ක් සහ ඉලක්ක 19 ක් ඍජුව අදාළ වන අතර මෙම වැඩමුළුවේදී කාබන් ඩයොක්සයිඩ් විමෝචන අනුපාතය, ජාතික ප්‍රතිචක්‍රීකරණ අනුපාතය හා මුළු වාර්ෂික හරිතාගාර වායු විමෝචනය යන දර්ශක ද ඇතුළු ව, දළ වශයෙන් තිරසර සංවර්ධන දර්ශක 30 ක් සඳහා දත්ත උත්පාදනය කිරීමට ධාරිතාව සංවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කරනු ලැබිණි.

පරිසර අමාත්‍යාංශය නියෝජනය කරමින් පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා, අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අමාත්‍යාංශයේ අදාල නිලධාරීන් සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සහභාගී වූ අතර, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික සහාය ඇතිව තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු මහත්මිය සහකාර අධ්‍යක්ෂ නදීකා අමරසිංහ මෙනවිය සහ සහකාර අධ්‍යක්ෂ ෂෙරොන් හේවඩගුගේ මහත්මිය විසින් මෙම වැඩමුළුව මෙහෙය වන ලදී.

WhatsApp Image 2020 12 23 at 14.17.57

WhatsApp Image 2020 12 23 at 14.18.12

WhatsApp Image 2020 12 23 at 14.18.20