Friday, April 26, 2024
Follow Us
රජයේ බැංකු ලාභ ලබයි : රජයේ ආයාතන 52ක් පාඩු ලබයි!

2020/21 මුල්‍යය වර්ෂය තුළ රජය සතු ප්‍රධාන ව්‍යාපාර 52ක් රුපියල් බිලියන 10.447ක අලාභයක් ලබා ඇති බව වාර්තා වේ. පාඩු ලැබූ ආයාතන අතර වැඩිම පාඩුව ලබා ඇත්තේ “ශ්‍රී ලංකන් එයා ලයින්” ගුවන් සමාගම වන අතර එහි පාඩුව රුපියල් මිලියන 36,387කි. දෙවැනියට වැඩිම පාඩු ලබන ආයාතනය වන්නේ විදුලි බල මණ්ඩලය වන අතර එහි පාඩුව රුපියල් මිලියන 31,724කි.

මීට අමතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය යන ආයාතන පිළිවෙලින් රුපියල් බිලියන 4.41ක්, රුපියල් බිලියන 1.17ක් සහ රුපියල් බිලියන 1.02ක් ලෙස පාඩු ලබා ඇත.

රජය සතු ව්‍යාපාර අතරින් 2020 ජූලි 31 වනදා වන විට වැඩිම ආදායමක් ලැබූ ආයාතනය ලෙස සනිටුහන් වන්නේ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල වන අතර එහි ආදායම රුපියල් මිලියන 21,334ක් වේ. ලංකා බැංකුව රුපියල් මිලියන 12,881ක් ලාභ ලබා ඇති බව වාර්තා වේ. මේ අතර මහජන බැංකුව,ජාතික ඉතිරි කිරීමේ බැංකුව,ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ජාතික රක්ෂණ භාර අරමුදල,ශ්‍රී ලංකා වරාය අධිකාරිය,සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ලංකා සීනි සමාගම යන ආයාතන පිළිවෙලින් රුපියල් බිලියන 12.88ක්, රුපියල් බිලියන 5.44ක්,රුපියල් බිලියන3.6ක්,රුපියල් බිලියන6.2ක්,රුපියල් බිලියන7.48ක්,රුපියල් බිලියන1.71 සහ රුපියල් බිලියන1ක් ලෙස ලාභ ලබා ඇති බව පැවසේ.

මෙම තොරතුරු 2020/21 මුල්‍යය වර්ෂය සඳහා නිකුත් කළ රාජ්‍යය මුල්‍යය කළමනාකරන වාර්තාවේ 2020 ජූලි මස 31 වන දිනට අදාල ආයාතන ලැබූ ලාභ අලාභ ගණනය කිරීම් ඔස්සේ තහවුරු වන බව විද්වතුන් පවසති. ඔවුනට අනුව වරාය අධිකාරිය ලංකා සහ සීනි සමාගම යන ආයතන හැරුණු විට අප රටේ ඉහළ ආදායම් ලබන ආයාතන වී ඇත්තේ මුල්‍යය සේවා සපයන ආයාතනයි. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රාජ්‍යය ඒකාධිකාරිත්වය පවතින ශ්‍රී ලංකන් ගුවන් සේවය, විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයාතන පාඩු ලැබීමත් රටක ආර්ථික දේහයේ රුධිරය බඳුවන ගමනා ගමන මණ්ඩලය වැනි ආයාතන පාඩු ලැබීමත් අතිශය සංවේදී කාරණා බවයි.

(Lanka Leads)