Wednesday, January 14, 2026
Follow Us
කොප් කමිටුව යලි රැස්වෙයි

කෝවිඩ් 19 අර්බුදය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ( Cope ) කටයුතු ( 20 ) සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

ඒ් අනුව කෝවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවද මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
( 20 ) දිනයේ කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය, මහාමාර්ග අමාත්‍යාංශයේ සහ අදාල ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ නිළධාරීන්ය.

(news.lk)