පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ගොස් තමන් ද සාක්ෂි ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
තමන්ට අවශ්‍ය වී ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි ත්‍රස්තවාදී කටයුතු යළි සිදු නොවන තැනට පදනම දැමීමට බව පැවසූ අග්‍රාමාත්‍යවරයා රටේත් ජාතියේත් අනාගතය වෙනුවෙන් එය කළ යුතුම බවත් අවධාරණය කළේය.
ඒ අනුව පාර්ලිමේන්තු කාරක සභාව මඟින් තමන් සත්‍යය සොයා ගන්නා බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
එසේම මේ සත්‍ය හෙළිකර ගන්නේ පුද්ගලයින් හෝ දේශපාලන පක්ෂ ඉලක්ක කරගෙන නොවන බව ද පැවසූ ඒ මහතා එසේ කරන්නේ සත්‍යය හඳුනාගෙන අඩුපාඩු වී ඇත්නම් අනාගතයේ ඒවා නොවීමට පියවර ගැනීම සඳහා බවත් පෙන්වා දුන්නේය.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (12) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.
(LNW)