Monday, December 23, 2024
Follow Us
තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 80ක ණය මුදල හොයන්න ළඟදීම විදුලි බිල ඉහළ දමන ලකුණු

විදුලි බිල ඉතා ළඟදීම ඉහළ යෑමට නියමිතය ඒ පහුගිය කාල වකවානුව තුළ හදිසි විදුලි ජනනය සඳහා විදයම් වූ රුපිලයන් කෝටි දහසක පමණ මුදල පියවා ගැනීමටය.

විදුලි බල මණ්ඩලය විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 80ක ණය මුදල නොගෙවීම මත දින කිහිපයක් තෙල් සංස්ථාව විසින් විදුලි බල මණ්ඩලයට ඩීසල් නිකුත් කිරීම නතර කර තිබේ. ඉන් ඩීසල් බලාගාර ක්‍රියාත්මක කිරීම ඇණ හිටින ලදී.

සමස්ත විදුලි ඉල්ලුමෙන් 85%ක් සැපයෙන්නේ ගල් අඟුරු හා ඩීසල් විදුලි බලාගාර ආශ්‍රයෙනි. ඉතිරි 15% ජලාශ්‍ර ආශ්‍රිතයෙන් සපයා ගැනේ.

විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසරය අවශය වේ. විදුලි බල මණ්ඩලය ඒ වෙනුවෙන් කළ ඉල්ලීමට මෙතෙක් අවසර ලැබී නොමැත.

(Lanka Leads)