Friday, May 09, 2025
Follow Us
"පමා නොවී හැඳුනුම්පතට අයදුම් කරන්න" - මෙවර සාමාන්‍ය පෙළට පෙනී සිටින සිසුන්ට දන්වයි

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම ලබන සැප්තැම්බර් මාසය තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා මෙවර පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් සියයට 5ක් පමණ ජාතික හැදුනුම්පත් ලබා ගැනීමට දැනටමත් අයදුම්කර ඇතැයි විශ්වාස කරන බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පැවසුවේ.

එම අයදුම්පත‍්‍රවලට අදාලව ජාතික හැදුනුම්පත් සකස් කිරීමේ කටයුතු දැන් සිදු කෙරෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ජාතික හැදුනුම්පත් ලබා ගැනීම සඳහා තවමත් අයදුම්කර නොමැති නම් පමා නොවී ඒ සඳහා අයදුම් කරන ලෙස මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් ද කරන බවයි එහිදී වැඩිදුරටත් සඳහන් කෙරුණේ.

(Neth)