Tuesday, January 13, 2026
Follow Us
ආරක්ෂක - සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් සහය ඉල්ලයි

නව්‍ය කොරෝනා ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ‍්‍රිතයින් නිවෙස්තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහය අත්‍යවශ්‍ය බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඔහු කියා සිටියේ PCR පරීක්ෂණ වාර්තාවලින් නව්‍ය කොරෝනා ආසාදිතයෙකු නොවන බවට තහවුරු වන තුරු නිවෙස්තුළ රැඳී සිටීම අත්‍යවශ්‍ය බවයි.

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ති‍්‍රක්කයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඊයේ දිනයේ සහන කාලයක් ලබාදුන්නා.

එහිදීද, බොහෝ පිරිසක් නිරෝධායන රීති කඩකරන ආකාරය දැකගත හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

(Neth)