ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව අතර පැවති අර්බුදය විසඳී ඇති බවත් ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාව හරහා ලංවිම තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන ලබාදීමට එකඟ වී තිබෙනවා. ඉන්ධන ලබාදීම අර්බුදයට ගොස් තිබුණේ ඉන්ධන වෙනුවෙන් ලංවිම වෙත ලබාදී තිබූ ණය සීමාව රුපියල් බිලියන 80 ඉක්මවා යාම හේතුවෙනි.
ඒ අනුව ඊයේ ඉන්ධන ලබාදීම අත්හිටුවා තිබූ අතර මේ නිසා තාප බලාගර හරහා ජාතික විදුලි පද්ධතියට එක්විය යුතු මෙගාවොට් 150 කට වැඩි ධාරිතාවයක් අහිමි වූ අතර ඇතැම් ප්‍රදේශවල පැයකට ආසන්න කාලයක් විදුලි සැපයුම බිඳ වැටිණි.
මේ ගැටළුව විසඳීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය, ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් සමග සිදුකල සාකච්ඡා මගින්, ලංකා විදුලිබල මණ්ඩලය මගින් ඛනිජ තෙල් සංස්ථාව වෙත ගෙවීමට ඇති මුදල් හැකි ඉක්මණින් පියවා දැමීමටත්, එතෙක් විදුලි නිෂ්පාදනය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දියයුතු ඉන්ධන ලබාදීමටත් ඛනිජ තෙල් සංස්ථාව සමග එකගතාවයකට පැමිණ තිබෙනවා.
මේ දිනවල පද්ධතියේ විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සදහා ජල විදුලියේ දායකත්වය 10% - 12% අතර පවතී. මෙයට මූලික හේතුව වන්නේ මේ දිනවල පවතින වියලි කාලගුණික තත්ත්වයයි. ජල විදුලි උත්පාදනය සදහා යොදාගන්නා ජලාශවල ජල මට්ටම 22% ක් වැනි ප්‍රමාණයකට අඩු වී තිබෙනවා. විදුලි උත්පාසනය වෙනුවෙන් තාප විදුලි බලාගාරවල දායකත්වය 80% - 85% ක් වැනි අගයක පවතී.
(LNW)