Friday, May 09, 2025
Follow Us
සෝෆා ගිවිසුම ගැන දෙපාර්ශ්වය සිටින තත්ත්වය ගැන අගමැති පහදයි

සෝෆා ගිවිසුමට වත්මන් ආණ්ඩුව අත්සන් තබා නොමැති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) අවධාරණය කළා. එහිදී ඔහු කියාසිටියේ 1995 වසරේ අත්සන් කළ ගිවිසුම යාවත් කාලීන කිරීම සඳහා දෙපාර්ශ්වය අතර සාකච්ඡා පවතින බවයි.

අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක විමසූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 161 දෙනෙකු මේ වන විට රැදවුම් භාරයේ සිටින බවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද ප‍්‍රකාශ කළේ. තවත් 167 දෙනෙකු රිමන්ඞ් භාරයේ සිටින බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එමෙන්ම සිද්ධියට ඍජුව හෝ වක‍්‍රව සම්බන්ධ 99 දෙනෙකු සම්බන්ධයෙන් නීතිමය කි‍්‍රයාමාර්ග ගෙන ඇති බවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියාසිටියේ.

(Neth)