Wednesday, September 17, 2025
Follow Us
මීරිගම නගරය සහ මන්නාරමේ ගම්මාන දෙකකට සංචාරණ සිමා පනවයි

ඊයේ (10) දිනයේදී කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීම හේතුවෙන් මීරිගම නගරයට සංචරණ සීමා පැනවීමට පියවර ගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

මේ අතර කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි පට්ටියතෝට්ටම් සහ පෙරියකඩේ ගම්මාන දෙක සම්පුර්ණයෙන් හුදෙකලා කිරීමට පියවර ගත් බවයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මෙම ප්‍රදේශයේ රැකියා කිරීම සඳහා කිරිල්ලවල ප්‍රදේශයේ සිට ගොස් සිටි පුද්ගලයින් 05 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුනේ ඊයේ දිනයේදී ලද PCR පරීක්ෂණ ප්‍රථිපල අනුවයි.

(Neth)