කැබිනට් මණ්ඩලය සහ ආරක්ෂක මණ්ඩලය හදිසියේ ඊයේ (07) පස්වරුවේ රැස්වී තිබෙනවා.
සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලය රැස්වන්නේ අඟහරුවාදා දිනයේයි. කෙසේවෙතත් ඊයේ පස්වරු 05.00ට කැබිනට් මණ්ඩලය රැස්වී ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයා හෙට (09) දිනයේ පෞද්ගලික සංචාරයක් සඳහා විදෙස් ගත වන බැවින් මෙලෙස හදිසියේ කැබිනට් මණ්ඩලය රැස්වී ඇති බවයි.
කෙසේවෙතත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වී නැහැ. ඒ අතරට මුදල් අමාත්‍යවරයාද අයත්. ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලය රැස් වන බවට අමාත්‍යවරුන්ට දැනුම් දී ඇත්තේ සෙනසුරාදා දිනයේ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
කෙසේවෙතත් ඇතැම් අමාත්‍යවරුන් සති අන්තයේ තම ගම්බිම් බලා යාම සහ වෙනත් කටයුතු සඳහා කොළඹින් බැහැරව සිටි බැවින් කිහිපදෙනෙකුට කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වීමට හැකි වී තිබුණේ නැහැ.
මේ හේතුවෙන් මේ සතියේ සලකා බැලීමට තිබූ කැබිනට් පති‍්‍රකා කිහිපයක් ලබන සතියට කල් දැමූ බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලය රැස්වී ඇත්තේ රාතී‍්‍ර 07.00ටයි. සාමාන්‍යයෙන් ආරක්ෂක මණ්ඩලය රැස්වන්නේ බදාදා දිනයේයි.
(Neth)