Monday, September 15, 2025
Follow Us
පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ

පාර්ලිමේන්තුව හෙට (21) දින උදෑසන 9.30 දක්වා කල් තබා තිබේ.

9 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අනතුරුව පාර්ලිමේන්තුවට හෙට උදෑසන 9.30 දක්වා කල්තැබීමට පාර්ලිමේන්තු සභානායක දිනේශ් ගුණවර්ධන මහතා විසින් දැනුම් දුන්නේය.

ඒ අනුව හෙට (21) උදෑසන 9.30 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තු සභාවාරය පැවැත්වීමට නියමිතව තිබේ.

(Aruna)