Monday, September 15, 2025
Follow Us
නව ව්‍යවස්ථාවක් සම්පාදනයට විද්වත් කමිටුවක් නිර්දේශ කිරීමේ බලයත් 20 පූර්ණ බලයත් අලි සබ්‍රිට

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්කිරීම වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කිරීමේ බලය කැබිනට් මණ්ඩලය විසින් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතාට පවරා දී ඇති බව සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ අනුව එම විද්වත් කමිටුවේ නම් ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති බවයි අමාත්‍ය ගම්මන්පිල මහතා සඳහන් කළේ.

එමෙන්ම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ පූර්ණ බලතල ද අලි සබ්‍රි මහතාට ඊයේ (19) පවරා දුන් බවත් සම කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

(Lanka LEads)