Tuesday, February 17, 2026
Follow Us
බැසිල් අරලිය ගහ මැදුරෙන් මුදල් අමාත්‍යංශයට යයි

මෙතෙක් කල් අරලිය ගහ මන්දිරයේ කාර්යාලයක සිට ආර්ථික, පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය මෙහෙයවූ එහි සභාපති බැසිල් රාජපක්ෂ ඉදිරියේදී මුදල් අමාත්‍යංශය වෙත යාමට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව ඉදිරියේදී මුදල් අමාත්‍යංශය තුළ බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් නිශ්චිත කාර්යාලයක් වෙන්වනු ඇති බව වාර්තා වේ.

(Lanka Leads)