Tuesday, November 11, 2025
Follow Us
නවවැනි පාර්ලිමේන්තුවේ කටයුතු ඇරඹේ.

නව වැනි පාර්ලිමේන්තුවේ කටයුතු අද (20) උදෑසන 9.30ට ආරම්භ විය.සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කර තිබීම විශේෂත්වයයි

රැස්වීම කැඳවීම පිළිබඳව ජනාධිපතිතුමාගේ ප්‍රකාශය පාරිමේන්තුවේ මහලේකම්වරයා විසින් කියවීම සිදු කිරීමෙන් අනතුරුව කතානායකවරයා තොරාපත් කරගැනීම සිදු කිරීමට නියමිතය.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් නිල ප්‍රතිඥාව හා දිවුරුම ලබාදීම සිදු වෙයි.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක,කාරකසභා සභාපති,නියෝජ්‍ය කාරකසභ සභාපති පත් කිරීම සිදු වෙයි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව ප.ව 3.00 තෙක් අත්හිටුවන අතර අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මංගල සැසිවාරය ආරම්භ කිරීමට නියමිතය

(news.lk)