Monday, September 15, 2025
Follow Us
සිසුන් 200ට වැඩි පාසැල් සතියේ දින පහේම පැවැත්වීමට අවසර

කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබා දුන් රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව, පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි වුව ද සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් , ශිෂ්‍ය පරතරය හා පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යා හැකි නම් සහ ප්‍රමාණවත් පන්ති කාමර, ගුරුවරුන් ඇත්නම් සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් එවැනි පාසල්වල සියලුම ශ්‍රේණි සඳහා පාසල් නැවත ආරම්භ කිරීමට පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන්, විදුහල්පතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

(NEth)