Friday, August 28, 2026
Follow Us
මොණරාගල දිස්ත්‍රික්කයේ ජල සම්පාදන සේවා අඛණ්ඩව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම පිළිබඳව විශේෂ සාකච්ඡාවක්
මොණරාගල දිස්ත්රික්කය තුළ ජල සම්පාදන සේවාව අඛණ්ඩව සහ කාර්යක්ෂම පවත්වාගෙන යාම පිළිබඳව ගතයුතු කඩිනම් ක්රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද දින (2026.08.27) නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්ය වෛද්ය සුසිල් රණසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මොණරාගල දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබීය.
මෙහිදී දිස්ත්රික් ලේකම් ඒ.ජී නිශාන්ත මහතා විසින් දැනට මතුව ඇති හදිසි ආපදා තත්ත්වයට මොණරාගල දිස්ත්රික්කයේ සූදානම පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අතර එහිදී මොණරාගල දිස්ත්රික්කයේ සියලුම රාජ්ය ආයතන ඒකාබද්ධ යාන්ත්රණයක් යටතේ කටයුතු කරමින් මෙම ආපදා තත්ත්වයට ඉතා සාර්ථකව මුහුණ දෙන ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කරනු ලැබිය.
ප්රධාන වශයෙන්ම මොණරාගල දිස්ත්රික්කයේ පවතින දැනට ඉතා ඉක්මනින් පිළිසකර කිරීමට හඳුනාගෙන ඇති නළලිං 257 පිළිසකර කර ඒවා භාවිතයට ගැනීම කඩිනම් කළ යුතු බවත්, ජලය ලබා ගැනීමට හඳුනාගෙන ඇති බවුසර් පොයින් 77 ඉතා ඉක්මනින් ස්ථාපනය කිරීමටත් , පිළිසකර කළ යුතු ලිං 349 ඉතා ඉක්මනින් පිළිසකර කළ ඒවා භාවිත කර ගැනීමටත් අවශ්ය උපදෙස් අමාත්යතුමා විසින් ලබා දෙන ලදී.
එල් නිනෝ (El Niño) තත්ත්වය ඇතුළු ඉදිරියේදී ඇතිවිය හැකි කාලගුණික විපර්යාස හේතුවෙන් ජලසම්පාදන කටයුතු කෙරෙහි ඇතිවිය හැකි බලපෑම් පූර්වයෙන් හඳුනාගෙන, අවශ්ය පූර්ව සූදානම් වීම්, අවදානම් කළමනාකරණ සැලසුම් සහ හදිසි ප්රතිචාර ක්රියාමාර්ග කඩිනමින් ක්රියාත්මක කිරීමේ අවශ්යතාවද මෙහිදී අවධාරණය කරන ලදී.
ඒ අනුව, ජල මූලාශ්ර හා ජලසම්පාදන යටිතල පහසුකම් ආරක්ෂා කරගනිමින්, ඉදිරියේදී ඇතිවිය හැකි කාලගුණික හා අනෙකුත් අභියෝග හමුවේ පවා මොණරාගල දිස්ත්රික්කයේ ජනතාවට අඛණ්ඩ, විශ්වාසනීය හා ගුණාත්මක පානීය ජල සේවාවක් සහතික කිරීම සඳහා ආයතනික හා තාක්ෂණික මට්ටමින් අවශ්ය සියලු ක්රියාමාර්ග කඩිනමින් ක්රියාත්මක කිරීමට මෙහිදී අවධානය යොමු විය.
මෙම අවස්ථාව සඳහා මොණරාගල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්ය අමාත්ය හා මොණරාගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ආර්.එම් ජයවර්ධන මහතා සහ ඌව පළාත් ආණ්ඩුකාරවර කපිල ජයසේකර මහතා, මොණරාගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එච්.එම්. සරත් කුමාර මහතා ප්රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු දේශපාලන අධිකාරිත්වය සමගින් දිස්ත්රික් ලේකම් ඒ.ජී නිශාන්ත මහතා ඇතුළු රාජ්ය නිලධාරීන් රැසක් සහභාගි විය.