Sunday, June 28, 2026
Follow Us
ඩෙංගු මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට

වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි.

ජුනි 25 සහ 26 යන දෙදින දත්ත පදනම් කරගනිමින් ජාතික ඩෙංගු මර්දන ඒකකය මේ බව සඳහන් කළේය. 

මෙම මරණ සංඛ්‍යාව වාර්තාවන රෝගීන්ගෙන් ප්‍රතිශතයක් ලෙස 0.06ක් බව සඳහන්ය. 

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 51,049 දක්වා ඉහළ ගොස් ඇත. 

ජුනි මාසයේදී පමණක් රෝගීන් 17,208ක් හඳුනාගෙන ඇති බව සඳහන්ය.

බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම හා නැගෙනහිර පළාත්වලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. 

එමෙන්ම අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස සංඛ්‍යාව 124කි.