විදුලි බල ශක්තිය ස්ථාවර කරමින් පාරිභෝගිකයාට සහන සැලසීමට රජය විසින් ආරම්භ කළ බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්යාපෘතියේ තවත් පද්ධති හතක් ඊයේ සවස කොළඹ වරායට ගෙන එනු ලැබුවේය.
මෙම බලශක්ති ගබඩා පද්ධති හත පානදුර, බෙලිඅත්ත, හම්බන්තොට, අම්පාර, වව්නතිව්, වාලච්චෙනෙයි, මහියංගනය යන ප්රදේශ වල ඇති විදුලි බල සම්ප්රේෂණ උපපොලවල් සමීපව සවිකිරීමට නියමිතය.
මෙම පද්ධති හත භාවිතයෙන් 280MW ප්රමාණයක් විදුලි බල ශක්තිය ගබඩා කිරීමට හැකි වන අතර, දෛනිකව 70MW ක් ජාතික විදුලි බල ජාලයට ලබා දීමට සැලසුම් කර තිබේ.
ජාත්යන්තර තරඟකාරී ටෙන්ඩර් කැඳවීමෙන් තෝරාගත් වින්ඩ්ෆෝස් (Windforce Plc) පුද්ගලික සමාගම මෙම බලශක්ති පද්ධති සවිකිරීම් හත ස්ථාපිත කිරීම සිදු කරන අතර, තවත් ස්ථාන හයක ගබඩා පද්ධති සවි කරමින් තිබේ.
රජය ආරම්භ කළ මෙම ව්යාපෘතියේ ජූනි මස ආරම්භයේදී ගෙන එන ලද පද්ධති අටක් මේ වන විට තෝරාගත් උපපොලවල් සමීපව සවි කිරීමේ කටයුතු සිදු කරන අතර, ජූලි මස අගදී අවසන් කර එමඟින් 80MW ක විදුලි බල ශක්ති ප්රමාණයක් ජාතික විදුලි බල ජාලයට ලබා දීම සිදු වේ.
මෙම ගබඩා පද්ධති පාලනය හා කළමනාකරණය සිදු කිරීම බලශක්ති අමාත්යාංශයට අයත් NSO (National System Operator Ltd) සමාගමට පැවරෙන අතර, නඩත්තු කිරීමේ කාර්යය අදාළ සමාගම් මඟින් සිදු කෙරේ.
පසුගිය රජයන්, බලශක්ති අර්බුදයෙන් ජනතාව ප්රබල ලෙස පීඩා විඳිද්දී මෙවැනි ව්යාපෘති වලට යොමු නොවීම කණගාටුදායක කරුණක්. එයින් විදුලි බල පාරිභෝගිකයා අදටත් පීඩාවට පත්ව සිටිති.
මෙම බලශක්ති ගබඩා පද්ධති ව්යාපෘති මඟින්, පාරිසරික හානිය ද අවම කර ස්ථාවර බලශක්තියක් සපයා දීමෙන්, ජාතික විදුලි බල ජාලය ස්ථාවර කර ආර්ථිකය ශක්තිමත් කිරීම ජනතා ජයග්රහණයක්.
රජය සිදු කරන මෙම ව්යාපෘති මඟින් අත්පත් කරගන්නා ප්රතිලාභය ඉදිරියේදී පාරිභෝගිකයාට ලබාදීම රජයේ ඒකායන අරමුණයි.