Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක "සිහින ගමනාන්තයක්" ව්‍යාපෘතියේ කොටසක් ලෙස බම්බලපිටිය දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු අඛණ්ඩව සිදුකෙරෙමින් පවතී.
රාජ්‍ය–පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ බෝරා ප්‍රජාව මූල්‍ය දායකත්වය සපයයි.
මේ වන විට රුපියල් මිලියන 55ක පමණ මුදලක් වැය කරමින් දුම්රිය ස්ථානයේ යටිතල පහසුකම් නවීකරණය කිරීම, මගී පහසුකම් වැඩිදියුණු කිරීම සහ පරිසරය වඩාත් ආකර්ෂණීය ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතී.
අදාළ නවීකරණ කටයුතු මෙම වසරේ අගෝස්තු මාසය වන විට සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන අතර, එමඟින් බම්බලපිටිය දුම්රිය ස්ථානය නවීන පහසුකම්වලින් සමන්විත, පිරිසිදු හා ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීම අරමුණ වී ඇත.