ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ අනතුරට පත් නෞකාවේ ජීවිත ආරක්ෂා කර ගැනීම පිළිබඳව මූලික අවධානය යොමුකරන බවත්, එය කුමන ආකාරයකින් සිදුවුණේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩෝ බුද්ධික සම්පත් මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් ඊයේ (04) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටි අතර සමුද්‍රීය මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට මෙරට මුහුදු සීමාවට ඔබ්බෙන් නෞකා අනතුරක් සම්බන්ධයෙන් තොරතුර ලැබීමෙන් අනතුරුව, නාවික හමුදාව එහි සෙවීම් සහ මුදා ගැනීම් කටයුතු ආරම්භ කළ බව ද පෙන්වා දුන්නේය.
එම මුහුදු ප්‍රදේශයේ සිටි 32 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට එහිදී නාවික හමුදාව සමත්වූ බවත් ඔවුන් අනතුරකට ලක්වු ඉරාන නෞකාවේ සේවකයින් බව නාවික හමුදාව සැක කරන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .