Tuesday, March 03, 2026
Follow Us
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා රුමේනියාවේ නිල සංචාරකට එක්වෙයි

රුමේනියාවේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, ඊයේ(02) රුමේනියාවේ විදේශ කටයුතු අමාත්‍ය Oana Toiu මහත්මිය හමුවිය.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1957 දී ආරම්භ වී ඇති අතර එම සබඳතාවල 70 වන සංවත්සරය 2027 වසරට යෙදී තිබේ.

අමාත්‍යවරුන් දෙපළ මෙහි දී දෙරට අතර පවතින විශිෂ්ට ද්විපාර්ශ්වික සබඳතා නව ක්ෂේත්‍ර දක්වා තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාවපිළිබඳව සාකච්ඡා කර ඇති අතර පහසු දිනයක ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ද අමාත්‍යවරයා රුමේනියාවේ විදේශ කටයුතු අමාත්‍යවරියට ආරාධනා කර ඇත.

අනතුරුව අමාත්‍ය Toiu සමඟ එක්ව රුමේනියානු මාධ්‍ය අමතමින් ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද අමාත්‍යවරයා එක් විය.

මේ අතර අමාත්‍ය විජිත හේරත් මහතා රුමේනියාවේ කම්කරු, පවුල්, තරුණ හා සමාජ සහයෝගීතා අමාත්‍ය පෙට්‍රේ-ෆ්ලොරින් මනෝල් මහතා ද හමුවී තිබේ.

මෙම හමුව අතරතුර ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර කම්කරු සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් කර ඇත.