දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ඌව පළාතේ පාසල් යළි ඵලදායි ඉගෙනුම් පරිසරයක් සහිත තත්ත්වයට පත් කිරීම සඳහා දියත් කෙරෙන නැණ දිරි මෙහෙයුම වැඩසටහන වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පසුගියදා ආරම්භ විය.
හඳුනාගත් පාසල් 175 ක් හා මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන 52 ක්( මුළු ඒකක 227) කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට මෙම වැඩසටහනින් බලාපොරොත්තු වේ.