Monday, September 08, 2025
Follow Us
තොරොම්බල් වාහනවලට නීතිය දැඩි වෙයි
ආන්ත­රා­දා­යක ලෙස අම­තර කොටස් සවි­කර ධාව­නය වන රථ­වා­හන සම්බ­න්ධ­යෙන් අද (08) සිට නීතිය තදින් ක්රියා­ත්මක කරන බව ප්රවා­හන නියෝජ්ය ඇමැති වෛද්ය ප්රසන්න ගුණ­සේන මහතා පව­සයි.

 ඝෝෂා­කාරී විවිධ නාද රටා, නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත අම­තර පහන් සවි­කර ධාව­නය යනා­දිය පිළි­බඳ මෙහිදී විශේෂ අව­ධා­නය යොමු කරන බවයි.

එමෙන්ම ධාව­න­යට නුසු­දුසු තත්ත්වයේ තිබි­යදී ධාව­නය, වර්ණය වෙනස් කිරීම, මෝටර් වාහ­න­වල ඉදිරි පිටු­පස සහ බඳෙහි පැති­වල චිත්ර මොස්තර සහ වෙළෙඳ දැන්වීම් ප්රද­ර්ශ­නය කිරීම, නීති විරෝධි සවි­කි­රීම් නිර්මාණ වෙනස් කිරීම යන කරුණු කාරණා සම්බ­න්ධ­යෙන් ද නීතිය දැඩිව ක්රියා­ත්මක කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
 
.