ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පසුගියදා (06) කුලුනු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ප්‍රගතිය සොයාබැලීමේ විශේෂ නිරීක්ෂණයකට එක් විය.
මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් K. W. කන්ඩම්බි මහතා, CCECC සමාගමේ ව්‍යාපෘති භාර නිලධාරීන් සහ අමාත්‍යංශ නිලධාරීන් එක් විය.
ආසියානු සංවර්ධන බැංකුවේ ණයක් ලෙස ආරම්භ වන මෙම ව්‍යාපෘතිය ඇස්තමේන්තුගත වියදම ඩොලර් මිලියන 300 ක් පමණ වේ. 2019 වර්ෂයේ ආරම්භ වන මෙම ව්‍යාපෘතිය ආර්ථික අර්බුදයත් සමග පමාවී අද වන විට අවසාන අදියරට පැමිණ ඇත. 2026 මාර්තු වන විට මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණ්සේන මහතා පැවසුවේය.