Saturday, April 19, 2025
Follow Us
පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

පාස්කු ඉරිදා දිනයට සමගාමීව ක්‍රිස්තියානි දේවස්ථානවලදී සිදු කෙරෙන දේව මෙහෙයන්ට සහභාගි වන ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), අද (අප්‍රේල් 17) දින විශේෂ සාකච්ඡාවක් පවත්වමින් ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත උපදෙස් ලබා දුන්නේය.

තවද මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය හා ඒකාබද්ධ වෙමින් මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස ද ආරක්‍ෂක ලේකම්වරයා එහිදී වැඩිදුරටත් දන්වා සිටියේය.

2019 වසරේ දී සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරය හේතුවෙන් සිදු වූ අපහසුතාවයන් මඟහරවා ගනිමින් සාමකාමී හා ආරක්‍ෂිත පරිසරයක් තුල පාස්කු ඉරිදා දේව මෙහෙයන්ට සහභාගි වීමට ජනතාව වෙත අවස්ථාව සැලසීම මෙහි අරමුණ බව ද ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.