ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 55%- 60% අතර ප්රතිශතයක් පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්රකාශ කර ඇති බව දිස්ත්රික් මැතිවරණ කාර්යාල තොරතුරු සඳහන් කරයි.
ගම්පහ දිස්ත්රික්කය සියයට 56ක්, බදුල්ල දිස්ත්රික්කය සියයට 60ක්, නුවරඑළිය දිස්ත්රික්කය සියයට 60ක්, පොලොන්නරුව දිස්ත්රික්කය සියයට 63ක්, කළුතර දිස්ත්රික්කය සියයට 61ක්, අනුරාධපුර දිස්ත්රික්කය සියයට 60ක්, පුත්තලම දිස්ත්රික්කය සියයට 55ක්, අම්පාර දිස්ත්රික්කය සියයට 63ක්, මොනරාගල දිස්ත්රික්කය සියයට 61ක්, ත්රිකුණාමලය දිස්ත්රික්කය සියයට 67ක්, ගාල්ල දිස්ත්රික්කය සියයට 63ක්, වවුනියාව දිස්ත්රික්කය සියයට 60ක්, මාතර දිස්ත්රික්කය සියයට 58ක්, මුලතිව් දිස්ත්රික්කය සියයට 60ක්, කෑගල්ල දිස්ත්රික්කය සියයට 58ක්, මහනුවර දිස්ත්රික්කය සියයට 58ක්, මාතලේ දිස්ත්රික්කය සියයට 62ක්, හම්බන්තොට දිස්ත්රික්කය සියයට 61ක්, යාපනය දිස්ත්රික්කය සියයට 57ක්, කිළිනොච්චිය දිස්ත්රික්කය සියයට 60ක්, රත්නපුර දිස්ත්රික්කය 60ක්, මඩකලපුව දිස්ත්රික්කය සියයට 61ක්, කුරුණෑගල දිස්ත්රික්කය සියයට 55ක් ලෙස ඡන්දය භාවිත කර තිබිණි.