Wednesday, January 14, 2026
Follow Us
ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියට නව සභාපතිනියක්

ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය පත්කර ඇත.

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති රත්නායක මහත්මිය, න්‍යෂ්ටික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් හිමි එකම ශ්‍රී ලාංකිකයා බව සඳහන්ය.
එමෙන්ම ඇය මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙසද කටයුතු කරන්නීය.