වසර ගණනාවක් අතහැර දමා ඇති හිඟුරක්ගොඩ සතොස වී මෝල් ගබඩා සංකිර්ණය නිරීක්ෂණය සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගියදා එක්විය.
මෙට්‍රික් ටොන් 5000ක ධාරිතාවයකින් යුතු වල් වැදී ඇති මෙම ගබඩා සංකිර්ණය, ඉදිරි මහ කන්නයේ අස්වනු මිලදී ගෙන ගබඩා කිරීම සඳහා ඉතාමත් ඉක්මනින් පිළිසකර කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම ගබඩා නැවත භාවිතයට ගැනීම සඳහා පිළිසකර කිරීමට ස්වෙච්ඡා සංවිධාන එකමුතුවක් නොමිලේ තම ශ්‍රම දායකත්වයද ලබා දීමට කැමැත්ත පළ කළහ.