Saturday, May 17, 2025
Follow Us
සුරාබදු කොමසාරිස් ලෙස යූ.ඩී.එන්. ජයවීර පත්කරයි

සුරාබදු කොමසාරිස් ජනරාල් වශයෙන් කටයුතු කළ ජේ.එම්. ගුණසිරි එම තනතුරෙන් ඉවත් කර එම තනතුර සඳහා යූ.ඩී.එන්. ජයවීර පත්කර ඇත.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් අද (08 වැනිදා) පැවැසූවේ මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි.

හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් ජේ.එම්. ගුණසිරි එම තනතුරේ කටයුතු කර ඇත්තේ කොන්ත්‍රාත් පදනම යටතේය.

නව කොමසාරිස් ජනරාල්වරයා මීට පෙර ජනාධිපති අතිරේක ලේකම් (ආයතන සම්බන්ධීකරණ 2) වශයෙන් සේවය කරමින් සිටියේය.