වර්තමානයේ මෙරට පවතින අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
අමාත්‍යංශයේ ඊයේ (17) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ පවතින විෂයන්වල හරය, අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා ……
අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් ඉක්මනට, දිවයින පුරා සාකච්ඡා පැවැත්වීමට. පාඨමාලා නවීකරණය කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම ගැන. හැමෝම එකගවෙනවා අද තියෙන අධ්‍යාපන ක්‍රමය ගැලපෙන්නේ නැහැ කියලා. විෂයන් ගණන, විෂයධාරාවේ හරය, උගන්වන ක්‍රමය. අධ්‍යාපන ක්‍රමයක අභිමතාර්ථය තමයි ළමයාට ස්වාධීනව සිතීමට ධෛර්යදීම. කරුණු රාශියක් මතක තබාගෙන, තමන්ගේම කිසිම දෙයක් එකතු නොකර, විභාගයකට ගිහිල්ලා වමාරලා ලිවීම නෙමෙයි අධ්‍යාපන ක්‍රමයක අරමුණ වන්නේ. හැබැයි අද අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධානම අඩුපාඩුව තමයි ඒක ඉෂ්ඨ වෙන්නේ නැහැ කොහෙත්ම. අලුත් විෂයන් ඇතුළු කරන්න. එතකොට ඒ ළමයාගේ උනන්දුව උදයෝගය අලුත් දේවල් ඉගෙන ගැනීමට තියෙන ආශාව කැමැත්ත වර්ධනය වෙනවා.
(Aruna)