Monday, September 15, 2025
Follow Us
රාජ්‍ය අමාත්‍යාංශවල විෂය පථයන් ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන, ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කර ගෙන මෙවර රාජ්‍ය අමාත්‍යංශ ව්‍යූහය සකස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යංශ විෂය පථය සමාලෝචනය ආරම්භ කරමින් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (17) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදීයි.

බතික්, අත්යන්ත‍්‍ර රෙදි සහ දේශීය ඇගළුම් නිෂ්පාදනය විෂය කොට රාජ්‍ය අමාත්‍යංශයක් නිර්මාණය කිරීමට හේතුව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා පවසා ඇත්තේ කොවිඞ්- 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග දැඩි අර්බුදයකට මුහුණ පා සිටින සෙසු රටවල් යථාතත්ත්වයට පත්වන තෙක් දේශීය ආර්ථිකය දියුණු නොකර ඉදිරියට යා නොහැකි බවයි.

රටේ සමස්ථ අපනයනයෙන් සියයට 43 ක් නියෝජනය කරන්නේ ඇගළුම් කර්මාන්තයයි. අපනයන ආදායමට වාර්ෂිකව ඉන් එක් කරන මුදල අමෙරිකානු ඩොලර් බිලියන 05 කට ආසන්නයි.

රැකියා සැපයීමේදී හා ප‍්‍රාදේශීය සංවර්ධනයේදී ඇගළුම් කර්මාන්තය පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනවා. එය ශක්තිමත් කරමින් බතික් සහ අත්යන්ත‍්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදනය දියුණු කිරීම රජයේ ප‍්‍රධාන අරමුණක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

(Neth)