පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නොකඩවා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දිනපතා විශාල ඉල්ලීම් ප්‍රමාණයක් යොමු වෙනවා.
එහෙත් පාසල්වල පවත්නා පුරප්පාඩු සහ චක්‍රලේඛ උපදෙස් සැලකිල්ලට ගනිමින්, පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව අනුව සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු සිදුකිරීමේ දී බොහෝ ඉල්ලීම් ඉටු කිරීමට සාධාරණ හැකියාවක් නොපවතින අතර, මේ තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකමින්, දිනපතා අමාත්‍යාංශය වෙත පැමිණීමෙන් දරුවාට පාසලක් ලැබේයැයි විශ්වාස කරමින් දෙමව්පියන් නිරන්තරයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණෙන අතර, දිගුකලක් තිස්සේ අධ්‍යාපන පද්ධතිය තුළ නොවිසඳුණු මෙම ගැටළුව කෙරෙහි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සිය අවධානය යොමු කර තිබෙනවා.
ඒ අනුව, පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම වඩාත් විනිවිදභාවයකින් හා ක්‍රමවත්ව සිදුවිය යුතු ක්‍රියාවලියක් ලෙස හඳුනා ගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ උපදෙස් මත ප්‍රථම වරට 2019 වසරේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ දී දෙමව්පියන්ට තම දරුවන් ඇතුළත් කිරීමට ඉල්ලුම් කරන අවස්ථාවේ දීම එක් එක් පාසල්වල පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව හඳුනාගැනීමේ අවස්ථාව මේ වනවිට සලසා දී තිබෙනවා.
2019 වසරේ 1,5, 6 ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණි සඳහා ජාතික පාසල් වෙත සිසුන් ඇතුළත් කරගැනීම අධ්‍යාපන ලේකම්ගේ 2008/37 චක්‍රලේඛ ප්‍රකාරව සිදුකෙරෙන අතර, පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සීමාව අනුව පවත්නා පුරප්පාඩු මත අදාළ ඇතුළත්කර ගැනීම් සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව වසරක් පාසා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම සිදුකෙරෙන නමුත් ඉල්ලුම් කරන පාසල්වල පවත්නා පුරප්පාඩු සම්බන්ධව නිශ්චිත පූර්ව අවබෝධයක් දෙමව්පියන්ට ලබාදීමට කටයුතු කෙරෙනුයේ ප්‍රථමවරට මේ වසරේ දීයි.
(මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහතින් දැක්වේ)
(Neth)