Monday, September 15, 2025
Follow Us
මත්තල වී ගබඩා කිරීමට එරෙහිව නව රජය ක්‍රියාමාර්ග ගැනිමට යයි

මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීමෙන් සිදුවූ හානිය පිළිබඳව වහාම සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග ගුවන්තොටුපළ බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

ඉකුත් යහපාලන රජය සමයේ මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කර තිබුණා. මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීමෙන් සිදුවූ හානිය පිළිබඳ ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම විසින් මෙතෙක් නිවැරදි තක්සේරුවක් සිදුකර නොමැති බවටයි වෘත්තීය සමිති නියෝජිතයින් අමාත්‍යවරයාට දැනුම් දී තිබුණේ.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් එම සමාගමේ මූල්‍ය ප‍්‍රධානියාගෙන් විමසූ විට ඔහු ද එය පිළිගෙන තිබෙනවා.

මත්තල ගුවන්තොටුපළේ වී ගඩබා කර තිබුණේ රුපියල් කෝටි 200කට අධික වටිනාකමින් යුත් ගොඩනැගිල්ලකයි. මේ හේතුවෙන් එම ගොඩනැගිල්ලේ වායු සමීකරණ පද්ධතියට, විදුලි පද්ධතියට, විදුලි ආලෝක පද්ධතියට හානි සිදුව ඇති බවට ඒ පිළිබඳ සොයාබැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ දී ද අනාවරණය වුණා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව එම ගුවන්තොටුපළ සක‍්‍රීය ගුවන්තොටුපළක් බවට පත්කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග වැඩිදුරටත් කියාසිටියා.

(Neth)