19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමේ විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විශේෂ කැබිනට් පති‍්‍රකාවක් අනිද්දා (19 වැනිදා) පැවැත්වෙන නව රජයේ පළමු කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
නව රජයේ අධිකරණ ඇමැති අලි සබ්රි මහතා ද පසුගියදා අදහස් දක්වමින් සඳහන් කර සිටියේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ඇති වූ අර්බුද නිමා කිරීම සඳහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සඳහා වන යෝජනාවක් නව රජයේ පළමු කැබිනට් රැුස්වීමේදී ගෙන ඒමට තමන් අදහස් කර සිටින බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නව රජයේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අනිද්දා පැවැත්වීමට නියමිත බව ද සඳහන් වෙයි.
(Lanka Leads)