Tuesday, February 17, 2026
Follow Us
උත්තමාචාර බෑ ..පෙළපාලි බෑ – ජනපති උපදෙසින් මංගල පාර්ලිමේන්තු සැසියේ බරපැන කපයි

ලබන 20 වැනිදා පැවැත්වෙන නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය චාම් අයුරින් අභිමානවත්ව පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ, ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ් පළමු පාර්ලිමේන්තු සැසි වාරයේදී ජනාධිපතිවරයා පිළිගැනීමට මීට පෙර පැවති සැමරුම් කිසිවක් මෙවර සිදු නොවන බවයි.

ඒ අනුව පළමු පාර්ලිමේන්තු සැසි වාරයකදී පැවැත්වෙන හමුදා උත්තමාචාර සහ අශ්වාරෝහක පෙළපාලි මෙවර නොපවත්වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගි වන ජනාධිපතිවරයා පිළිගැනීමේදී ජය මංගල ගාථා පමණක් ගායනා කිරීම සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.

(Lanka Leads)