Tuesday, February 17, 2026
Follow Us
උපාධිධාරීන් 50,000කගේ රැකියා ලේඛනය අද වෙබ්අඩවියට

‘‘සෞභාග්‍යයේ දැක්ම’’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රැකියා එක්ලක්ෂ පනස් දහසක් ලබා දීමේ වැඩ සටහන යටතේ තෝරා ගත් රැකියා ලාභී උපාධිධාරීන්ගේ නම් අද (16දා) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියේ පළ කිරීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පත් වීමෙන් පසු උපාධිධාරීන් පනස් දහසකට හා අඩු ආදායම් ලාභීන් ලක්ෂයකට රැකියා නියුක්ත කිරීමේ සැලැසුම් කළද මහ මැතිවරණය නිසා එය කල් ගියේය.

ඒ අනුව තෝරා ගනු ලැබූ අයට හෙට දිනයේ (17දා) පත්වීමේ ලිපි යැවීමට සැලැසුම් කර ඇත. එසේ පත්වීම් ලබන අය සැප්තැම්බර් 01 දින තමන්ට ආසන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කරන ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලය දන්වා ඇත. එසේ පත්වීම් නොලැබූවන් සිටින්නේ නම් ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසන ලෙසටද දන්වා තිබේ.

කෙසේ වෙතත් තෝරාගත් අඩු ආදායම් රැකියා ලාභීන් ලක්ෂය සේවයේ නියුක්ත කිරීමටද සැප්තැම්බර් 01 දින සිට සිදු කිරීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පත් වීමෙන් පසු උපාධිධාරීන් පනස් දහසකට හා අඩු ආදායම් ලාභීන් ලක්ෂයකට රැකියා නියුක්ත කිරීමට සැලැසුම් කළද මහ මැතිවරණය නිසා එය කල් ගියේය.

(Lanka Leads)