Monday, September 15, 2025
Follow Us
නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමට එන පත්‍රිකාව

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම ලබන බදාදා (19) පැවැත්වෙනවා. උදෑසන 10.00 ට ජනාධිපති කාර්යාලයේදී කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

මෙවර කැබිනට් රැස්වීම සෞඛ්‍ය නිරෝධායන රීතිවලට මුල්තැන දෙමින් පැවැත්වීමට තීරණය කර තිබීමද විශේෂත්වයක්. ඒ අනුව අමාත්‍යවරුන් අතර මීටරයක දුර පවත්වා ගැනීම, මුඛ ආවරණ පැළඳීම සහ දෑත් විෂබීජහරණය කිරීමද අනිවාර්ය කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඉකුත්දා පැවති මහ මැතිවරණයෙන් පසු කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකු පත් කෙරුණා. ඔවුන් ඉකුත් 12 වැනිදා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ඓතිහාසික මහනුවර ශී‍්‍ර දළඳා මාළිගා පරිශ‍්‍රයේ මගුල් මඩුවේදීයි.

රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකුද අමාත්‍යාංශ ලේකම්වරුන් 29 දෙනෙකුද මේ වනවිටත් පත්කර අවසන්.

මේ අතර අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසා තිබුණේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් නිර්මාණය වූ ව්‍යාකූලතා ඉවත් කර 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒම සදහා වන පති‍්‍රකාවක් පළමු කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමේ අපේක්‍ෂාවෙන් පසුවන බවයි.

(Neth)