Tuesday, February 17, 2026
Follow Us
නව වැනි පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනිදා පෙ.ව 9.30 ට රැස්වේ

නව වැනි පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනිදා පෙ.ව 9.30 ට රැස්වන බව නිවේදනය කරන අතිවිශේෂ ගැසට් පත්‍රය අගෝස්තු (13) නිකුත් විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
අගෝස්තු 20 වැනි දින රැස්වන පාර්ලිමේන්තුවේදී පළමුව කථානායකවරයා ,නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත්කර ගැනීම සිදුවේ.අනතුරුව සියලු මන්ත්‍රීවරුන් දිවුරුම හෝ ප්‍රතිඥාව ලබා දීම සිදුකෙරේ.

(news.lk)