Monday, September 15, 2025
Follow Us
සියලු විශ්ව විද්‍යාල අගෝස්තු 17 ඇරඹේ

ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අයත් සියලු විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු එළඹෙන අගෝස්තු 17 වන දින සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිවේදනය කරයි.

අද (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මේ බව පැවසීය.

පසුගිය ජූලි මස 15 වන දින සිට වෛද්‍ය පීඨවල 3 වන වසරේ විභාග ක්‍රමනුකූලව පැවැත් වු බව ද සභාපතිවරයා මෙහිදී කියාසිටියේය.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අන්තර් ජාලය හරහා පැවැත් වු අධ්‍යයන කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත.

විශ්වවිද්‍යාල ආරම්භ වීමෙන් අනතුරුව ද සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුව කටයුතු කරමින් අධ්‍යන කටයුතු සිදු කරනු ලබන බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

(Lanka Leads)