Monday, September 15, 2025
Follow Us
20 වැනි සංශෝධනය ලබන මස මැද පාර්ලිමේන්තුවට – නව අධිකරණ ඇමති අලි සබ්රි

19 වැනි සංශෝධනයේ කෑලි ගලවන 20 වැනි සංශෝධනය සැප්තැම්බර් මස මැද වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එය මේ වන විට සකස් කරමින් තිබෙන බවත් නව අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසයි.

නමත් ඔහුගේ ප්‍රකාශය ව්‍යවස්තාවට සහ පටිපාටි වලට පටහැනි බව දේශපාලන විචාරකයෝ පවසති. ඊට හේතුව එසේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් සකස් කිරීමට පෙර ඒ සඳහා පත් කරන පිරිස සහ එහි අඩංගු වන කරුණු පිළිබඳ දළ විස්තරයක් සහිතව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත යුතු වීමය.

මහජනයාට පමණක් නොව අමාත්‍ය මණ්ඩලයටද හොර රහසේ සකස් කළ කෙටුම්පතක් එක්වරට අමාත්‍ය හණ්ඩලයට ඉදිරිපත්කොට ගැසට් කිරීම වැරදි ක්‍රියාවක් බව ඔවුහු පවසති. මෙවන් ප්‍රකාශ මගින් 19 කෑලි ගලවන 20 වැනි සංශෝධනය මගින් 13 අඩ ගලවයිද යනුවෙන් මහජනයා මතු කරන සැකය තහවුරු වන බවද පැවසේ.

(Lanka Leads)