Tuesday, February 17, 2026
Follow Us
තවත් අමාත්‍යාංශ 03 කට ලේකම්වරුන් පත් කෙරේ

වරාය හා නාවික අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ බුද්ධශාසන සහ ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහා ලේකම්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබෙනවා.

එම පත්වීම් වලට අදාළ ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙලෙස නව පත්වීම් ලැබූ ලේකම්වරුන් තිදෙනා ගේ නම් පහත දැක්වේ.

01- එම්.එම්.පී.කේ. මායාදුන්නේ - ලේකම්, අධිකරණ අමාත්‍යාංශය

02- යූ.ඩී.සී. ජයලාල් - ලේකම්, වරාය හා නාවික අමාත්‍යාංශය

03- මහාචාර්ය කපිල ගුණවර්ධන - බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

(Neth)