නව අමාත්‍ය මණ්ඩලයේ පළමු රැස්වීම ලබන බදාදා (19) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
මෙහිදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 19 වැනි සංශෝධනයේ වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන සංශෝධන පිළිබදවත්, ඉදිරි වසරේ අයවැය ලේඛනය පිළිබදවත් සාකච්ජා කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.
නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ ඊට පසු දින එනම්, බ්‍රහස්පතින්දා (20) දිනයේදීය.
(Lanka Leads)