Monday, September 15, 2025
Follow Us
උතුරට ඉඩම් පොලිස් බලතල දෙන්නේ නෑ

උතුරු පළාත් සභාවට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීමට කිසිසේත් ඉඩ නොතබන බව නව පළාත් පාලන රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.

රාජ්‍ය ඇමැතිවරයා ඊයේ (13 දා) කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.

13 වැනි සංශෝධනය යටතේ ඉඩම් හා පොලිස් බලතල ලබා ගැනීම සඳහා ද්‍රවිඩ සන්ධානය ඉන්දීය රජයට දැඩි බලපෑම් එල්ල කර ඇත.

උතුරු පළාත් සභාවට පොලිස් බලතල දුන්නොත් පොලිස් දෙපාර්තමේන්තුව කැබලි රැසකට කැඩෙන අතර ප‍්‍රාදේශීය පොලිස්පතිවරුන් බිහිවන බවද ඒ මහතා කීවේය.

(Lanka Leads)